භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Uhana N.S.

අම්/උහන ජාතික පාසල

අම්පාර කලාපය

  • Register
  • Login
Uhana N.S.

අම්/උහන ජාතික පාසල

අම්පාර කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසලේ පිරියත සැකැස්ම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

නීති හා රෙගුලාසි

  • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  • අනන්‍යතාවය
  • නීති හා රෙගුලාසි
  1. Home
  2. අපේ පාසල ගැන
  3. නීති හා රෙගුලාසි

නීති හා රෙගුලාසි

ප්‍රවේශය

පාසල් සිසු සිසුවියන්, අධ්‍යාපනය තුළින් ජීවිතය සාර්ථක කර ගැනීමට නිරතුරුව උත්සාහ දරන, ගුරු දෙගුරු වැඩිහිටි සැමට ගෞරව කරන හා සුදුසු පරිදි සලකන, පාසල් හා සමාජයීය නීතිරීති ද පාසලේ ගෞරවය හා කීර්ති නාමය ද සුරකින දරුවන් විය යුතුය.

විනය නීති

  • ගුරුවරුන්ට හා වැඩිහිටියන්ට සුදුසු පරිදි අසුනින් නැගිට ගෞරව කිරීම හා සුදුසු අසුන් පැනවීමත්, ඔවුන්ගේ අවවාද හා අනුශාසනා අනුව කටයුතු කිරීමත් සිදුකළ යුතුය.

  • විද්‍යාලයීය කීර්තිනාමයට හානිකර අයුරින් හැසිරීමෙන් වැලකිය යුතුය.

  • පාසලේ ප්‍රමිතීන්ට ගැළපෙන ලෙස නිල ඇඳුම භාවිතා කිරීම හා කොණ්ඩය සකස් කර ගැනීම සිදුකළ යුතුය.

  • පාසල් පරිශ්‍රයේ හෝ ඉන් පරිබාහිරව මත්ද්‍රව්‍ය, මත්පැන්, දුම්වැටි, බුලත් විට භාවිතයෙන් වැළකිය යුතුය.

  • ශිෂ්‍ය ශිෂ්‍යාවන් ලෙස සහෝදරාත්මක සම්බන්ධතා හැර ප්‍රේම සම්බන්ධතා හෝ වෙනත් අයුතු සම්බන්ධතා වලින් වැළකිය යුතුය.

  • සිසුන් අතර ලිපි, මුද්‍රිත ප්‍රචාරණ, පත්‍රිකා, ත්‍යාග, පරිගණකගත ලේඛන, දත්ත ගබඩා (memory chip, flash drive), සංගත තැටි හෝ වෙනත් අධ්‍යාපනයට අදාල නොවන දෑ හුවමාරු කිරීමෙන් වැළකිය යුතුය.

  • පාසල් නිල ඇඳුමෙන් සැරසී කාලය ගත නොකළ යුතුය.

  • විද්‍යාලයීය වැඩ පැනවීම අනුව දෛනිකව තමන්ට හිමි කාර්යයන් නිසි වේලාවට මනාව ඉටුකළ යුතුය.

  • පාසලේ දේපළ වලට හානි වන අයුරින් හැසිරීමෙන් වැළකිය යුතුය.

  • පාසලේ පවිත්‍රතාවයට හානි වන අයුරින් අපද්‍රව්‍ය ඉවත් කිරීම නොකළ යුතුය.

  • සෘජුව ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට සම්බන්ධ අවසරලත් දෑ පමණක් පාසලට රැගෙන ආ හැකි අතර කැමරා, ජංගම දුරකථන, දත්ත ගබඩා (memory chip, flash drive), සංගත තැටි හෝ වෙනත් ඉලෙක්ට්‍රොනික උපාංග, අවිආයුධ, අසැබි පුවත්, සඟරා, ඡායාරූප, පාසලට රැගෙන ඒමෙන් වැළකිය යුතුය.

  • සහෝදර සිසු සිසුවියන් කායික හා මානසික පීඩනයන්ට ලක් වන පරිදි හැසිරීම නොකළ යුතු අතර බහින්බස් වීම හෝ පහර දීම හෝ ගුටිබැට හුවමාරුව නොකළ යුතුය. එමෙන්ම නවකයින් පීඩනයට පත් කිරීමෙන් වැළකිය යුතුය.

  • පාසලේ දී ඇතිවන ගැටලු විසඳා ගැනීම සඳහා පළමුව පාසල තුළින් අවශ්‍ය මඟ පෙන්වීම ලබා ගත යුතු අතර දෙමාපියන් හෝ වෙනත් බාහිර පාර්ශව ගැටළු විසඳාගැනීම සඳහා ඈඳා නොගත යුතුය.

  • කාලසටහනට අනුව නියමිත පාඩම්වලට අනිවාර්යෙන්ම සහභාගී විය යුතු අතර පන්ති මගහැර යාම නොකළ යුතුය.

  • නිතිපතා පාසල් පැමිණිය යුතු අතර පාසල් නොපැමිණෙන දින සඳහා හේතු දැක්වීමට මාව තියා භාරකරු ගෙන් ලිපියක් රැගෙන ආ යුතුය.

  • පන්තියේ ඉගැන්වීම් කටයුතු සිදු කරන අතරතුර එයට බාධා වන අයුරින් හැසිරීම නොකළ යුතු අතර චුයින්ගම් හැපීම, ආහාර ගැනීම හෝ එවැනි වෙනත් ක්‍රියාවලින් වැළකිය යුතුය.

  • පාසල තුළ විරෝධතා පත්‍රිකා, බිත්තිවල අනවශ්‍ය දෑ ලිවීම හෝ ඇලවීම ද නොකළ යුතුය.

  • පාසල තුළ බැහැර දී අන්සතු දෙය සොරකම් කිරීම හා පැහැර ගැනීම නොකල යුතුය.

  • ගුරුවරුන්ට වෙන් කළ ආසනවල වාඩිවීම, මේස හා ඩෙස් උඩ වාඩි වීම නොකළ යුතු අතර පොත බිත්ති උඩින් පැනීම නොකළ යුතුය.

  • පාසල් වේලාවේ පන්ති කාමරය තුල හෝ ඉන් බැහැරව ගීත ගායනය, වාදනය හා අනවශ්‍ය පරිදි ශබ්ද ඇති කිරීම නොකළ යුතුය.

  • ගුරුභවතෙකු පන්තියේ සිටින විට අනවසරයෙන් ඇතුල්වීම හා බැහැරවීම නොකළ යුතුය.

  • පාසලේ යම් කාර්යයන් සඳහා පන්තියෙන් බැහැරව යාමට සිදුවේ නම් ඒ අවස්ථාවට අදාල විෂයභාර ගුරුභවතා දැනුවත් කළ යුතුය.

  • උදේ රැස්වීම ශරීර සුවතා හා එවැනි වෙනත් රැස්වීම් අවස්ථාවන්ට සහභාගි වීමේ දී අදාළ පරිදි පෙළ සකස් කරගෙන ශබ්ද නොනගා සහභාගී විය යුතුය.

  • පන්ති කාමර වලින් බැහැර වීම සඳහා නියමිත අවසර පත්‍රයක් භාවිතා කළ යුතුය. අත්‍යවශ්‍ය කටයුත්තක් සඳහා අවසර පත්‍ර සහිතව එක් පිරිමි ළමයෙකුට හෝ ගැහැණු ළමුන් දෙදෙනෙකුට පන්ති වලින් බැහැර විය හැකිය.

  • ගුරුභවතෙකුගේ හෝ විදුහල්පතිගේ අත්සනින් යුතුව බැහැර යාමේ පොතේ සටහන් කොට අවසර ගැනීමෙන් පසු පමණක් පාසලෙන් බැහැර වීම සිදු කළ යුතුය.

  • නියම කරන අවස්ථාවන් වලදී අනිවාර්යෙන්ම තම මව/ පියා/ භාරකරු පාසල වෙත පැමිණවිය යුතුය.

  • අධ්‍යයන කටයුතු හෝ වෙනත් කාර්යයන් සඳහා පන්තියෙන් බැහැරව කණ්ඩායමක් ලෙස සහභාගිවීමේ දී එකිනෙකා පසුපස පේළියට ගමන් කළ යුතුය.

  • පාසලට ආහාර පාර්සල් රැගෙන නොආ යුතු අතර ආහාර රැගෙන ඒම සඳහා සෑම විටම සුදුසු ආහාර බඳුනක් භාවිතා කළ යුතුය. ආහාර ගැනීම පන්ති කාමරයේ තමන්ට හිමි ස්ථානයේ සිට පමණක් සිදුකළ යුතුය.

  • පාසල් සීනුවට නොපමාව අවනත විය යුතුය.

  • පාසල් ආරම්භ කිරීමට අවම වශයෙන් විනාඩි පහළොවකට වත් පෙර පාසලට පැමිණිය යුතුය.

  • පාසල නිම වී බැහැරව යාමේදී දකුණු පසින් එකිනෙකා පසුපස ගමන් කළ යුතුය.

  • උස් ස්ථාන ගොඩනැගීම, ගස් නැගීම, ළිංවලට බැසීම වැනි අනතුරුදායක කාර්යයන්ගෙන් වැළකිය යුතු අතර අනෙකුත් සිසුන් ඒවා සඳහා යොමු කිරීමෙන් ද වැළකිය යුතුය.

  • ක්‍රීඩා සඳහා ක්‍රීඩා පිටිය පමණක් ගොඩනැගිලි තුළ හෝ මිදුලෙහි ක්‍රීඩා නොකළ යුතුය.

  • පොදු දේපළවලට හානි වන අයුරින් කටයුතු නොකළ යුතුය.

  • පාසල් වේලාවෙන් පරිබාහිරව අනවසරයෙන් පාසල් පරිශ්‍රයෙහි ගැවසීම නොකළ යුතුය.

  • විද්‍යාලය මගින් කාලීනව පනවනු ලබන වෙනත් නීතිරීතිද පිළිපැදිය යුතුය.

Uhana N.S.

අම්/උහන ජාතික පාසල

අම්පාර කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • අම්/උහන ජාතික ජාසල, උහන.

: (+94)632250187

: [email protected]

Supported By

© 2026 Uhana N.S.. All rights reserved. Design with by Webcomms Global | Help Desk