අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !
නැගෙන හිරුගේ උදා හිරු කිරණින් සැනහෙන ගල්ඔය මිටියාවතේ සොඳුරු දිගාමඩුලු පුරවරයේ පිම්බර බිමකි උහන ජාතික පාසල. සොඳුරු වන අරණක පහසින් නෙක කුරුලු සරින් සැනසුන සොබා පරිසරයක මේ තක්සලා බිම පිහිටා ඇත. සොඳුරු ගැමි පියසක ගොවි ජනපද වලින් අලංකෘත වූ මේ විදුපියස දහසකට වැඩි සිසු පිරිසක් සිය නැණගුණ ලබාගන්නා අතර ඔවුනගේ සුබසිද්ධිය වෙනුවෙන් ගරු විදුහල්පතිතුමා ඇතුළු ඇදුරු මඩුල්ල සෑම විටම සිය දායකත්වය සපයනු ඇත. නගරයේ ජනාකීර්ණ හා කාර්යබහුල වුවද විදුමව් තුරුල ඉතා ශාන්ත හා පියකරු වූවකි. පීඩාකාරී වූ චිත්ත සන්තාපයන්ට සුවය ගෙන දෙයි. ඇදුරු හදවත් ද දයාබරිත ය. වත්මන් විදුහල්පතිතුමා, නියෝජ්‍ය විදුහල්පතිතුමියන්ද කාරුණික හදවතින් පිරුණු උපදෙස් ලබාදෙමින්, විදු පියසේ ඉහළ සංවර්ධනයක් වෙනුවෙන් වෙහෙසෙති. ඔවුහු උහන විදුහල් මාතාවගේ ආදරණීයයෝ වෙති.






